Suitable House design for the directions - දිසාවට ගැළපෙන නිවාස

වාස්තු සිද්ධාන්තවලට අනුව නිවෙසක් සාදන්නේ කෙසේද කියා අප පසුගිය සතියේ සාකච්ඡා කළා ඔබට මතක ඇති. මේ සතියේත් ඉදිරි සති කීපයකත් අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ යම් ඉඩමක පිහිටීම (දිශාව) අනුව නිවෙසක් සැලසුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

මෙහිදී පළමුවෙන් ම පැහැදිලි කරගත යුතු එක් කරුණක් තිබෙනවා. ඒ, යම් ඉඩමක මුහුණත සහ එම ඉඩමේ සාදා ඇති නිවෙසේ මුහුණත එකක් නොව දෙකක් යන්නයි. බොහෝ අය යම් ඉඩමක මුහුණත සහ එම ඉඩමේ සාදා තිබෙන නිවෙසේ මුහුණත එකක් ලෙස සලකා කටයුතු කරනවා.

ඉඩම සහ දිග පළල සමඟ දිශාවන් මාර්ගය

එය වැරදියි. ඇතැම්විට මෙය එකක් ම විය හැකියි. නිවෙසේ මුහුණත පිහිටි දිශාවත් ඉඩමේ මුහුණත පිහිටි දිශාවත් සමාන විය හැකියි. මීට පෙර දිනයකත් අප සඳහන් කළ ආකාරයට නිවෙසක මුහුණත අයත් වන දිශාව යනු එම නිවෙසේ ප‍්‍රධාන දොර විවෘත වන දිශාවයි.

 එම ප‍්‍රධාන දොර මුහුණලා ඇති දිශාවයි. කිසියම් නිවෙසක ප‍්‍රධාන දොර උතුරට මුහුණලා තිබේ නම්, එම නිවෙස උතුරු දිශාවට මුහුණදුන් නිවෙසක් ලෙස හඳුන්වනවා.

කිසියම් නිවෙසක ප‍්‍රධාන දොර දකුණු දිශාවට මුහුණලා තිබේ නම් එම නිවෙස දකුණට මුහුණලා තැනූ නිවෙසක් ලෙස හඳුන්වනවා. නැඟෙනහිර සහ බටහිර දිශාවන්ටත් එසේමයි.

ගෘහ අංග සමඟ පාද සටහන මාර්ගය

අද අප සාකච්ඡා කරන්නේ දකුණු දිශාවට මුහුණලා ඇති ඉඩමක නැෙඟනහිර දිශාවට මුහුණලා ඇති නිවෙසක් සැලසුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

දකුණට මුහුණලා තිබෙන කිසියම් ඉඩමක පිටුපස කොටසවන්නේ උතුරු දිශාවට පිහිටි කොටසයි. මෙම ඉඩමේ නිවෙසක් නිර්මාණය කිරීමේදී උතුරු සහ නැඟෙනහිර දිශාවන්වල කිසියම් ඉදිකිරීමක් නොකළ යුතු අතර එම දිශාවන් සැහැල්ලු ආකාරයෙන් තැබිය යුතුයි.

වාස්තු විද්‍යානුකූලව මෙම ඉඩමේ නිවෙසක් තැනීමේදී ඉඩමේ වයඹ දිශාවේ කොනට මුළුතැන්ගෙය නිර්මාණය කිරීම සුදුසුයි.

 එසේම ප‍්‍රධාන නිදන කාමරය යෙදිය යුතු වන්නේ නිරිත දිශාවටයි. එසේම මෙම නිවෙසේ උතුරු සහ නැඟෙනහිර දිශාවල්වල කෑම කාමරය සහ සාලය යෙදිය හැකියි.

මෙහි දක්වා ඇති නිවාසය සැළසුම් කර තිබෙන්නේ ඒ ආකාරයෙන්. මෙම නිවෙසේ ඉස්තෝප්පුව පිහිටා තිබෙන්නේ නැෙඟනහිර දිශාවෙන්. එමෙන් ම මෙම නිවෙසේ ළමයින්ගේ කාමර සහ බුදුන් වඳින ස්ථානය ඊසාන දිශාවට යොමුකර තිබෙනවා.

දිශාවන් සමඟ ගෘහයේ අංග මාර්ගය

අඩි 38 අඟල් 9 යනු වඩු රියන් 15 ක් වන අතර දිග අඩි 28 අඟල් 5 වඩු රියන් 11 ක ප‍්‍රමාණයක් ගන්නවා. සකි‍්‍රය වඩු රියන අඟල් 31 ක් බවත් නිවෙසක දිග සහ පළල වඩු රියන් වලින් ඔත්තේ සංඛ්‍යාවක් විය යුතු බවත් ඔබ දැන් දන්නවා. ඒ අනුව සලකා බලන විට මෙහි දක්වා ඇති නිවෙසේ දිග සහ පළල වාස්තු ශිල්පයට අනුව නිවැරදියි.

ඔබට ඇති ඉඩම දකුණට මුහුණලා ඇති ඉඩමක් නම්, ඔබ මෙහි දක්වා ඇති නිවෙස නිර්මාණය කරගැනීමට කැමති නම්, පළමුව ඔබේ ජන්ම පත‍්‍රයට අනුව (ගෘහ මූලිකයාගේ) නිවෙසේ වර්ග අඩි ප‍්‍රමාණය තීරණය කළ යුතුයි.

ගෘහ පිණ්ඩය යනුවෙන් හැඳින්වෙන්නේ එයයි. එසේ ම මෙම නිවෙසට ඒක දශ පොරොන්දමක් සෑදිය යුතුයි. මෙහිදී ගෘහ පිණ්ඩය සහ ඒක දශ පොරොන්දම සියයට පනහක් (50%) පමණවත් එකඟ විය යුතුයි.

මෙහිදී ගෘහ හිමියාගේ නැකත සහ ගෘහයේ නැකත කිසිවිටෙකත් සමාන නොවිය යුතුයි. මෙහි පාද සටහන දක්වා ඇති රූපසටහනින් හොඳ පාද වල බැමි යෙදී ඇති ආකාරය පෙනී යනවා.

නැගෙනහිරට දිශාවට මුහුණලා ඇති මෙවන් නිවාසවල වහලය උස්නොවිය යුතුයි. මෙම නිවෙස දෙමහල් නිවෙසක් කිරීමට යම් කිසිවෙකුට අදහසක් ඇත්නම් තරප්පු පෙළ යෙදිය යුත්තේ බටහිර දිශාවෙනුයි.

දකුණු දිශාවට මුහුණලා පිහිටි ඉඩම්වල ළිඳ නිවෙස ඉදිරිපිට ඉදිකිරීම සුදුසුවන්නේ නෑ. ළිඳ සකස් කළ යුත්තේ පිටුපසින්. එසේ ම මෙවැනි නිවාසවලට ගේට්ටුව යෙදිය යුත්තේ ගිණිකොන දිශාවෙන්.ගරාජයද ගිණිකොන දිශාවේ පිහිටිය යුතුයි.

මෙවැනි නිවාස වල ගෙවත්ත සම්බන්ධයෙන් කතා කරන විට මෙවැනි නිවාස ඉදිරිපිටට උස ගස් යොදා ගත හැකියි. ඉඩමේ දිශාව අනුව හිරු එළිය නිවෙසට වැඩි වෙලාවක් පතිත වීම එයට හේතුවයි. මෙවැනි නිවෙස් වර්ණ ගැන්වීමේදී රෝස පැහැයට හුරු වර්ණයක් නිවෙස ඉදිරිපිටට යොදා ගැනීම ඉතා ම සුදුසුයි.

ඉඩමේ පිහිටීම අනුව මෙම නිවෙස මට්ටම් කීපයකට සෑදීමට අදහස් කරනවා නම්, නිවෙසට ඇතුළු වූවාට පසුව පහතට බැස යන ආකාරයට නිර්මාණය කළ යුතුයි. මෙවැනි නිවාසවල නිරිත දිශාවේ කිසි සේත් ම ගරාජය භාවිතා නොකළ යුතුයි. මෙවැනි නිවාසවල ඉදිරිපස පොකුණු සහ දිය ඇලි නොයෙදිය යුතු අතර ඒවා යෙදිය යුතු නම්, ඒ සඳහා උතුරු සහ ඊසාන දිශාවන් භාවිතා කළ හැකියි.

මෙහි දක්වා ඇති නිවෙස ගැළපෙන්නේ මූල, අස්විධ, මුව සිරස, පුනාවස, පුෂ, මා, සිත, විසා, අනුර, දෙනට, පුවපුටුප සහ උත‍්‍රපුටුප යන නැකත්වලින් උපත ලැබූවන්ට පමණයි. ඒ හැරෙන්න වෙනත් අයෙකුට මෙම නිවෙස සුදුසු වන්නේ නෑ.

මෙම නිවෙස සඳහා මැද මිදුලක් භාවිතා කරන්නේ නම්, එය ඕනෑම දිශාවකට යොදාගත හැකියි. ඒ අනුව එය ඌර්දුමුඛ ද්වාරයක් ලෙස සලකා ද්වාර සටහන සකස් කරගත යුතුයි.

මෙම නිවෙසේ දොරවල් උතුර, දකුණ, නැගෙනහිර, බටහිර යන දිශාවන් සතරටම පිහිටන නිසා මෙය විජය වර්ගයේ නිවෙසක් ලෙස හැඳින්විය හැකියි.

Comments

  • A Name wrote:

    This is an example of a comment made on a post. You can either edit the comment, delete the comment or reply to the comment. Use this as a place to respond to the post or to share what you are thinking.

  • A Name wrote:

    This is an example of a comment made on a post. You can either edit the comment, delete the comment or reply to the comment. Use this as a place to respond to the post or to share what you are thinking.

Write A Comment